2015-06-25

වැනිල්ල


බාර් එකක පොඩි ටේබල් එකක දෙපැත්තේ
වෙනම අඩි ගහන දෙන්නෙක් වැනි වැනි උන්නේ

එකෙක් පුටුවෙ පැත්තෙන් පැත්තටයි වැනෙන්නේ
වීදුරුවෙන් බිඳකුත් නෑ බිමට හැලෙන්නේ


අනිකා ඉන්නේ හිටගෙන ඒත් වැනෙනවා
ඉස්සරහට සහ පස්සට ඉණ පද්දනවා

පැත්තෙන් පැත්තට වැනෙනා එකා අහනවා
මොකද ඔහොම පද්දන්නේ කියල කියනවා

මම විතරයැ තමුසෙත් ඔය යසට වැනෙන්නේ
ඉස්සෙල්ලම කියනව ඇයි එහෙම කරන්නේ

මම අවුරුදු පහලොවක්ම නැව්වල හිටියේ
වැනි වැනිමයි හැමදේමත් කරන්නට වුනේ

නැවෙන් බැහැල දැං අවුරුද්දක්වත් නෑනේ
අර පුරුද්ද තාමත් මට නවතනු බෑනේ

ඒ වුණාට තමුසෙ එහෙම නෙමෙයි වැනෙන්නේ
ඇයි මේ ඉණ හරියෙන් ඔය හැටි පද්දන්නේ

එහෙනං පුදුමයක් නෑනේ ඔහෙගෙ වැනිල්ල
එච්චර කල් නැතත් මගෙත් ඇත පැද්දිල්ල

දවස පුරා කරනා දේ අනුව තමයිනේ
මේ පුරුද්ද මේ විදිහට මටත්  බෝ වුණේ

නවතනවා හිතන්න බෑ මේක ඉතිංනං
දනීද මම බැඳල ඉන්නෙ - කිම් ක‘ඩෑෂියන්




(බ්ලොග් නොලිව්වත් බ්ලොග් ලෝකෙට ඉතාම ආදරය කරන ඒ වගේම අපි කවුරුත් දන්න දෙන්නෙක් තමා පත්තරයා සහ මෙන්ඩා. මේ නිර්මාණයට අදහස සැපයුවේ අපේ මෙන්ඩා. මෙන්ඩො, උඹට බොහොම ස්තූතියි. පොඩි වෙනසක් කලා තරහා වෙන්න එපා ඈ....)

80 comments:

  1. ඔය වැනි වැනි හිටපු කෙනා , Doman Thomas ද , Kris Humphries ද , නැතිනම් Kanye West ද ?

    ReplyDelete
    Replies
    1. Kanye West වෙන්න ඕනි. දැන් ඉන්න එක්කෙනා එක්කනෙ 15 වරක් චක්කරේ.

      Delete
  2. නැවෙන් බැහැල අවුරුදු බරගානක් වෙලත් තාම ඉඳල හිටල හරි දෙපැත්තටනම් වැනෙනවා.. කොච්චර වෙරි උනත් ආසාවකටවත් වැරදිලාවත් ඉස්සරහට පස්සට නම් වැනෙන්නේ නෑ... හැක් හැක් හැක් හැක්..........

    ReplyDelete
    Replies
    1. හරේ...හරේ...නැවෙන් බැහැපු එකා ඉන්නවෝ....බැදපු අංකල් විචා වෙන්න බැරිද?

      Delete
    2. @KM වයිෆ් බ්ලොග් කියවන එක හරි කරදරයක්වගේ ?

      Delete
    3. කළණ,
      පුරුද්දක් නැතිකම. ඕකට ඉතිං වෙන ව්‍යායාමයක් නෑ.

      Delete
    4. මොන්ඩා,
      ගියපාර එකේ ඇනෝ කාපු එකේ හොඳ එක තමා අද උඹ කන්නෙ.

      Delete
    5. @ප්‍රා,
      මේ මෙන්ඩා දෙන ලණු ගැටගහන්න ගිහාම ඔය කොහේ හරි ඉන්න අහිංසකාවියක් තමා ඉතිං බයිට් වෙන්නෙ.
      වෙල්කම් වේවා මිස්ටර් ප්‍රා ජේ!

      Delete
  3. එල ද බ්‍රා..ස්තූතියි උඔට.
    කිම්ගේ ලිපිය වැරදිලවත් ගෙදර උන්දෑටනම් පෙන්නන්න නෑ...

    ReplyDelete
    Replies
    1. මචං අර ඉරියව්වට ගැලපෙනම නිතර වෙන සිද්දියක් ඕනි නිසයි වෙනස් කලේ.

      (ඇයි? එයාට 15 නං මට 20 ක්වත් ඕනි කියයිද?)

      Delete
    2. හොද 20..
      15 වැඩි කිරිම 15 ත් ඉල්ලයි.

      Delete
    3. ඊට ලේසියි මවුන්ට් කරගෙනම හිටියනම්...

      Delete
  4. එල ද බ්‍රා,
    මම අද ටී ටේබල් එකේ මේ කතාව කියනව. කියන්ඩත් ,අහන්ඩත් ඉන්නෙ මම විතරයි.

    ස්තූතියි
    බ්‍රෑන්ඩ් එක ගල්.

    ReplyDelete
    Replies
    1. දවසක වරෙන් අපේ ටි ටෙබල් එකට සෙට් වෙන්න..
      නැවතත්...බ්‍රෑන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    2. කම්මල,
      අද කම්මල මෙන්ඩා වෙලා. ඒකත් හොඳ වෙනසක්. තනියෙම ඉන්න ලැබෙන එක ඊටත් හොඳ වෙනසක්.

      Delete
    3. මෙන්ඩා,
      මුං ටී, ප්ලේන්ටී කිය කියා දවාලටත් ගහනවද කොහෙද ගල්.

      Delete
    4. මෙන්ඩයි කම්මලෙයයි කොහොමද දන්නෑ වැනෙන්නෙ...?

      Delete
    5. මෙන්ඩයි කම්මලෙයයි වැනිලා වැනිලා වැනිලා අන්තිමට ටැපලිලා.

      Delete
    6. /මෙන්ඩයි කම්මලෙයයි කොහොමද දන්නෑ වැනෙන්නෙ...?/
      අපි වැනෙන්නෙ එක පැත්තට , ඒ කිවුවෙ ගල් බෝතලේ තියන පැත්තට . ඩ්‍රැකියො උඹට විශ්වාසම නැත්තං අපි දෙන්නට බෝතල් දෙකක් දීල බලහං.
      ආ ....මේ දවස් ටිකේම වැනෙන්නෙ air port එක පැත්තට , හැලපෙයි , පත්තරෙයි කොයි වෙලේ ප්ලේන් එකෙන් බහියිද බලන්න.

      Delete
    7. ඩ්‍රෑකි..
      ඔි..යෙස්..මේ දවස් වල air port එක පැත්තට නැමිලා ඉන්නෙ..ගහනවා පක්කං පදිරි සන්නාහ සන්නද්ධ වෙන්න..
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    8. ඩ්‍රැකියා, මුංට උණු වතුර එකකුයි ටැංපෝං එකකුයි දීපං උඹේ කොලෙක්සොං එකෙං, තේ එකක් හදාගෙන බොංට. ගල් එපා කියයි ආත්මෙට.
      (කම්මලේ, මෙන්ඩා, මේක බොලා දෙන්නටත් එක්ක දැම්මෙ)

      Delete
    9. ඩ්‍රැකී.. මං දැක්ක පත්තරේ තියෙනවා ඩ්‍රැක්‍යුලා මැරිලා කියලා. (රඟපාපු නළුවා)

      Delete
    10. ක්‍රිස්ටෝපර් ලී... (මේ වගේ නෙමෙයි ඔරිමජිනල් බ්‍රාම් ස්ටෝකර්ගේ ඩ්‍රැකියුලා)

      Delete
  5. කිම්ටත් එහා කෑල්ලක් ඉන්නවා කියලා සයිබරේ දැක්කා...

    ReplyDelete
    Replies
    1. අගේ නොකර කල්‍යාණ මිත්තරයෙක් වගේ දාපංකො සත්තරනෙ ලින්ක් එකක්!

      Delete
    2. ඇයි? කිරි සප්පයෙක් වගේද පේන්නෙ? අල්ලලා ගිල්ලොනවා අර සුමිං පූල් එකේ ගමේ උන්ට කියලා.

      Delete
  6. අපේ පත්තරයාගේ ඡිවිතේ වැදගත්ම දවසක් නොදුරැ දිනකදි උදාවෙන බැවින් හෙට ලංකාවට ගොඩ බහිනවා..

    ReplyDelete
    Replies
    1. ගල් කන්ටේනරයක්ද රැගෙන පිළිගැනීමට යනු මැන.

      Delete
  7. හම්මේ හිහි
    කිම් එහෙම මේක දැක්ක නං මේ මචං ලොවෙත් නැ පොලොවෙ පස් කාල මැරෙනව හිහි

    ReplyDelete
    Replies
    1. එයාම තමා වැඩ කිඩ ගැන කියනවා කියන්නෙ. ඉල්ලං කෑම.

      Delete
  8. මෙන්ඩගෙ එකක් අද යනවා කියලා ඊයෙම දැන ගත්තා. ඉවසිල්ලක් නැති කමට අද කෝච්චියෙ එන ගමන් ෆෝන් එකෙන් කියෙව්වා. තනියම හිනා වෙවී මේක බලනකොට කෝච්චියෙ එවුන් බලනවා මට පිස්සුද කියලා.
    කියන්න දෙයක් නෑ මචං. සිම්ප්ලි පට්ට....

    ReplyDelete
    Replies
    1. ඌ අදහස ගන්න කතාවක් එවල තිබ්බෙ. තව එහෙම එවපු කීපයක්ම තියෙනවා බං. උන් තරහ වෙලත් ඇති. මගේ පෝලිමේ තියෙනවා 10 කට වඩා. උඹ වගේ ඩිරෙක්ට් හදලම එවනවානං සැනින් දැම්මැකි.

      Delete
    2. අන්න යාලුවෝ..දිලා උඔට මම ගානේ ගල් බෝතලයක්.
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    3. සිරිපා ආවරේ ඉවර වෙලා දැන් ඊලග වරේත් ලගයි..ඉක්මනට අලුත් දෙයක් ලියපන් දිලෝ

      Delete
    4. මෙන්ඩා, අපිට හුලං නේ?

      Delete
    5. මෙන්ඩා අගේන්,
      දිලාගෙ එකක් සඳුදා යනවා මචෝ.

      Delete
    6. @Menda- Computer eka kela vee atha. Photos serama eke. Hadagattu gaman dannam. Thanks machan unandu karanawata

      Delete
    7. You'd better to fix it and compose those elegant poems.

      Delete
    8. You'd better to fix it and compose those elegant poems.

      Delete
  9. එළ...
    කිම් යාළුවෙලා හිටපු කළු ඇමෙරිකානු කොල්ල හොරෙන් ගහපු වීඩියෝ එක බලල නැතෙයි...
    "අන්න සබන්" කිව්වලු...

    ReplyDelete
    Replies
    1. අනේ ඇයි බං ඔහොම අගේ කරන්නෙ? ලින්ක් එකක් දැම්මනං බොට අහවල් අඩුවක් වෙනවද? එතන හිටං කියනවා අන්න සබං ලු.

      Delete
    2. යකෝ මදාවියෝ, එක පට්ට ලොකු වීඩියෝ එකක්. ගිගා එකට වැඩිද කොහෙද.
      මම රට ඉන්න කාලේ කොහෙන් හරි ලැබුනා.
      ඉන්දහන් මම ඒක හොයාගෙන පෙන් එකකට දාල උඹව දන්න කියන කාගේ හරි අතේ එවන්නං...

      Delete
    3. ෂැක්... වචීපරම මිත්තරයා...

      Delete
  10. පට්ටයි
    ඕපන් කිම්ස් ස්ටයිල්
    ජයවේ මධූ

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.... ඕපන් කිම් ම තමා.
      ජය!

      Delete
  11. මූට රස්සාවක් කරන්න වෙලාව නැතුව ඇතිනේ, බං. අඩු ගානේ අනිත් ජීවක්‍රියාවත්. මුඑ ඉණහරියට ජෙනරේටරයක් සෙට් කලානම් හරි නොමිලේ විදුලිය නිපදවන්න.

    ReplyDelete
    Replies
    1. මොන රස්සාද ඩූඩ්. දවස ගානේ පහලොස් වරක් චක්කරේ.

      Delete
    2. ඒකනේ ඩුඩ් අයියන්ඩි අපි ඉරිදටත් වැඩට යන්නෙ නේද?

      Delete
    3. ඒ ඉතිං වෙන වැඩකට..

      Delete
    4. ෂ්.ෂ්..කට කට..ඇත්ත කියහන් උඔ අර ළමයා මම එනකන් ඉරිදා 18 කනුවේ හිටගෙන ඉන්නවා දැක්කා නේද?

      Delete
    5. උඹලෑ ගෙදර නොම්මරේ දියං පොඩි ෂර්ලොක් හොල්ම්සි පාරක් බාරගන්ට.

      Delete
  12. කිම්ගෙ ස්ටෙප් ඩැඩී ලඟදි ස්ටෙප් මමී උනානෙද?
    ලියහංකො මදාවි කවියක් ඒ ගැනත්...Bruce කොහොමද Caitlyn Jenner උනේ කියලා කවි කොලයක් ගැහුවානම් මාරයි මදුවෝ...

    ReplyDelete
    Replies
    1. ඔය විපිරියාසෙ සම්බන්ධ එක කතාවක් තියෙනවා ෂෙෆාකි. ඒක මේ කපල අයිං කිරිල්ලක් ගැන. බලමු දාලා වෙලාවක.

      Delete
  13. දවසට 15 වරක් කරන්න.පැය විසිහතරේ දවස් නම් වෙන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඔකට පැයක් යන්නෙ නෑ මනෝ...

      Delete
    2. මනෝජ්,
      විවේක කාලය පබ් එකේනං ඉන්නෙ, වෙලාව මදිවෙන්න බෑ.

      Delete
    3. මෙන්ඩා,
      ඕක මචං විනාඩි 1, 4, 9, 16, 25 ආදී වශයෙන් හතරැස් සංඛ්‍යාවලින් ගතවෙන්නෙ.
      (තොපගේ කතාව කයියක් බවට පත්කල ආකාරයේ හරි වැරදි කීපයක් හෝ කියාවියැයි මම මග බලමින් සිටියෙමි. එහෙත් එවැන්නක් නැත)

      Delete
    4. අපි ඉතින් ඔව්වා එච්චර දන්නේ නැහැනේ බාන්ස්ලා තාම.:D

      Delete
    5. ඒ බව පේනවා..............(පැනි මූනෙංම).

      Delete
  14. කූරැට්ටෝ සෙට් එකට මොනවා වෙලාද හොයලා බලපල්ලකෝ...පැයට පෝස්ට් දෙක ගානේ දාපු එවුන් කමෙන්ට් නෑ පෝස්ට් නෑ...කුරැටු ගෑ ගි පවුර පාලුයි..

    ReplyDelete
    Replies
    1. අම්මපා! ඕල් අවුට් ටෙන් විකට්ස් වගේනෙ.

      Delete
  15. අම්මප වෙලාවකට හිතෙනවා මොකට මේ බ්ලෝග බලනවද කියලා. මම අන්තිමටම නරක් වුනා ශික්

    ReplyDelete
    Replies
    1. උඔගේ බිලොග් එකට ශ්‍රමදානයක් දාමු මකුලු දැල් කඩන්න..
      ඉවානයා ලියපියකෝ

      Delete
    2. ඉවානයා, මට හිතුනා උඹ හොඳටම නරක් වෙලා කියලා හැම එකටම හ්ම් හ්ම් ගානකොට මොනා හරි කටේ තියාගෙන වගේ.

      Delete
    3. මෙන්ඩා,
      ඕකාට බොග දාන්න බැරි පුරස්නයක් තියෙනවා. අපි මේ වස්තියක් කරංට බැලුවෙ.

      Delete
    4. මෙන්ඩා,
      ඕකාට බොග දාන්න බැරි පුරස්නයක් තියෙනවා. අපි මේ වස්තියක් කරංට බැලුවෙ.

      Delete
    5. හරි ඉතිං ඕකට දෙසැරයක් වසති කරන්න ඕනේ නෑනේ :P

      Delete
    6. ඉවාන්,
      මං හිතුවේ කම්මලේට විතරයි මේ ලෙඩේ කියලා. බැලුවම අර විමලෙ හිට්ස් වැඩිකරගත්තා වගේ කොමෙන්ට්ස් වැඩිවෙන මගුලක් මේවටත් සෙට් වෙලාද කොහෙද. හරියට නිකං ඉපිල් ඉපිල් වගේ....

      Delete
  16. එකම ගෑණිට දවසට 15ක්....?මූ මොන තරම් කරුමයක් කරපු මිනිහෙක්ද?

    ReplyDelete
    Replies
    1. දවසේ කොමෙන්ටුව.

      Delete
    2. කටුස්සො එල ද බ්‍රා..
      පට්ටපල් ඇත්ත

      Delete
    3. සහතික කල අමූලික ඇත්ත. (උපුටා ගැනීම - මාතලං)

      Delete
  17. පවු බං ඒ මිනිහා.... කිඅන්න නම් ගොඩක් දේවල් එනවා.. අනේ ඉතින් ඒවා කියන්නනෙ බැරි...

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ... කියල දාහං බං ඔන්නොහෙ. මේකෙ මොනවද නොකියවෙන්නෙ.

      Delete
  18. අපෝ බොලාට කවි ලියන්න තරම් මේකත් ලොකු කතාවක්ද බන් .......

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තෙනං විසි තිස් පාරත් නිකං යූසුවල් වෙන්න ඇති නේද?

      Delete
    2. ඈ..මැලයෝ කටුස්සා කියන්නා වගේ විසිතිස් පාර එකම ගෑනිටද?

      Delete