2015-05-28

ගෙරවීම


නිවාඩුවට ගෙදර යන්න - ගොඩබැස්සා වූ නැවියෙක්
රෑ බෝ වූයෙන් නොලැබුණි - ගමට යන්න වාහනයක්

අඳුරේ එළියක් පෙනුනා - හෝටලයක් බව දැනුනා
කාමරයක් ලබාගන්න - සිතමින් ඔහු ඇතුළුවුණා

2015-05-27

බුබ්බා



(මධුමාධවී කියවන ඔබේ අගනා නිර්මාණ මෙහි පළකිරීමට ඉඩක් ලබා දෙන ලෙන සොබා රූ අඳින අපේ දිල්ෂාන් මලයා ඉල්ලීමක් කලා. ඒ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ගැජට් එකක් එකක් එල්ලුවා දකින්න ඇතිනෙ. ඉතිං කුළුඳුල් නිර්මාණය දිලාම එවලා තිබුණා. මේ පහත පළවෙන්නේ ඔහුගේ ඒ නිර්මාණය. ඔහුගේ නිර්මාණ අනන්‍යතාවය රැකෙන්න ඕනි නිසා කිසි වෙනසක් කලේ නෑ. දිලෝ...ඔන්න උත්තර බඳින එකයි ඇත්තෙ දැං...)


පීටර්ගේ ගෙදර වැඩට හිටියා කළු මිටි කොල්ලෙක්
ඉබ්බා වගෙ හිටියත් උගෙ නම නම් බුබ්බා

ගෙදර දොරේ සියලුම වැඩ මැසිවිල්ලක් කිසිත් නැතිව
කඩිසර ලෙස ඉටු කෙරුමට බුබ්බා රුසියා

2015-05-25

පූසා


(තනුව කොළඹ ගිය ගමයා ගීතය අනුවය)

පශු වෛද්‍ය තුමාට හරි වෙහෙසක් දැනුනා
දවස පුරා වැඩකරලා ඇති යැයි සිතුනා
ගෙදර ගිහින් නෝන එක්ක ටිකක් ඉන්නවා
එතකොට ඔය හැම වෙහෙසම නිවිලා යනවා

2015-05-21

පියෙක් සහ පුතෙක්


මහළු මිනිසා හදේ රිදුමෙන් සුසුම් අවසන් කරමිනේ
දෑස හරිනා වගක්වත් නැත මළකඳක් සේ සැතපුනේ
සවන් ගැටෙනා වදන් පමණින් දෑස් පිය නම් සෙලවුනේ
ආත්මය පණ අදී එකමෙක සුවැති වදනක් පතමිනේ

හෙදිය ඔහු වෙත පැමිණ ඔහුගේ අතින් අල්ලා ඔසවලා
තවත් සුරතක තබා පැවසී මෙන්න ඔබෙ පුතු ඇවිල්ලා
වෙවුලනා අත සෙමෙන් තද කර ඒ සුරත ගෙන අල්ලලා
මුවේ කොනකට සිනා නැංවී පළමු වර මේ මහල්ලා


2015-05-18

ඩයිනමයිට්


බොඩි බිල්ඩර් කෙනෙකිය ඔහු - දවසක් ක්ලබ් එකට ගියා
බීර පයින්ටුවක් රැගෙන - බොන්න සැරසුනා

ඔන්න ඔය වෙලේ එතනට - ආවා සුන්දර අඟනක්
කියා නිමකරන්න බැරිය - ඇගෙ රූ වරුණ

2015-05-15

පෙරකදෝරුවෝ


පෙරකදෝරු පොරක් ඔන්න - තම නවතම රියෙන් පැමිණ
උසාවියේ ඉදිරිපිටදි - බහින්න හැදුවා

දොර ඇරියා පමණි අනේ - රෝද දහඅටේ තඩියෙක්
දොර ගලවන් ගියා නේද - විදුලි වේගයෙන්

2015-05-11

ඉව



පොලිස් කාන්තාවක් සහ - පිරිමි පොලිස් කාරයෙක්ය
දවසක් මුර සංචාරයෙ - ගමන් ඇරඹුවේ

ඔවුන් සමග සිටියා නොවැ - පොලිස් බල්ලෙකුත් සහයට
හොඳ ඉව ඇති ඉතා දක්ෂ - ෆිඩෝ නම ඇතී...

2015-05-08

ටැක්සි රියදුරා




දිනක් රැයක මගියෙක් දුර ගමනක් යන්න
කුලී රියකටයි ගොඩවුනෙ විමසා  ගණන
රියදුරු හා මගියට නැත කිසිත්   කියන්න
පැයක් පමණ සද්ද නැතිව ගියාලු දෙදෙන

2015-05-06

බබාට නමක්




යොවුන් විය එළැඹි කෙල්ලක් - පාටියකට පළමුවෙන්ම
තනියෙන් යන දිනයක් - එළැඹීලා ඇත්තේ

කොල්ලන්ගෙන් බේරීලා - පාටියේදි ඉන්නා හැටි
ඇයගේ මව මේං මෙහෙම - උපදෙස් දුන්නා

2015-05-01

සැම සිත් පහන් සේ ආලෝකමත් වේවා!


ලක්දිව ඔබ සසුන සුරැකෙයි දිවැසෙ පෙනී
පන්සහසක් වසක් පවතී දෙසු හෙයිනී
හිමියනි මතු වෙසක් පෝ දින සෘද්ධියෙනී
එහි වැඩියෙමිය සිඟනෙකුසේ වෙස් ගමිනී