2015-01-30

බැඳපු අය



තරුණ පුතෙක් තම පියාද - සමග ගියේ ෆාමසියට
එහි ඇති දෑ බලමින් සැම - අත ඇවිදින්නේ

වීදුරු පෙට්ටියක දාපු - පැකට් ගොඩකි ඔහු දකින්නෙ
ඒව වර්ග කර ඇති සැටි - ඔහුට පුදුමෙකී

2015-01-28

ඉතිරි කිරීම



තරුණ විවාහක යුවලක් - මුදල් ඉතිරි කරන මගක්
සොයා සැලසුමක් සාදා - මෙලෙස කරන්නේ

දෙදෙනා එක්වන හැමවිට -මේසය මත ඇති කැටයට
සැමියා එක කාසියකුයි - ඇතුල් කරන්නේ

2015-01-24

චැනලින්





දවසක්දා එක සැමියෙක් - මදන විසේ ඇවිස්සිලා
බාරි ලඟට කිට්ටු වෙලා - කෝලම් කෙරුවා

කවදාවත් නැති තරමට - අකමැත්තෙන් වගේ බාරි
ඔහුගේ කෝලම් සේරම - වළකාලූවා

2015-01-21

මීයෝ



පුංචි එවුන් ගෙයි අහු මුලු අස්සේ දමනා කුණු අඩුවක්           නැත්තේ
බටුමීයන් හා කොස්ඇට මීයන් රෑට රජකරයි සැක                නැත්තේ
බලාඉන්න බෑ මී කරදරයට පිළියම ලෙස කූඩුව                    ගත්තේ
ආදෙන් ආයිත් ගෙනගොස් දමනෙමි නැවත නොඑන්නට මේ   පැත්තේ

෴ ෴ ෴

2015-01-20

මොනිකා



බිල් ක්ලින්ටන් මිය ගියාලු - සැනින් අපායට ගියාලු
යම රජු වෙත ගෙනගියාලු - දඬුවම් පිණිස

ජනාධිපති කෙනෙක් නිසා - එකවර දඬුවම් නොමදී
කැමති දඬුවමක් තෝරා - ගන්න කීවලූ

2015-01-18

දුටු නොදුටු


තරුණ පුතෙක් තම පියාද       සමගින්නේ
දුරක යන්න දුම්රියකට     ගොඩවෙන්නේ
කවුලුව යාබද අසුනක් වෙත       පැන්නේ
පොඩි දරුවෙක් විලසයි ඔහු හැසිරෙන්නේ

දුම්රිය ටික ටික ඇදිලා යන්න         වුනේ
කවුලුව හැර ඔහු හිස එළියට        එබුනේ
පෙනෙන දසුන් සැම විස්තර   කරමින්නේ
දකින අයට මවිතෙකි ඔහු   ගෙන එන්නේ

2015-01-16

ඕව මොනවද?


රටවල් තුනකින් ඇවිත් - දොස්තරවරු තුන්දෙනෙක්
දවසක්දා හමුවීලා - කතාබහේ යෙදෙමින
තම රටවල දියුණුව - වෛද්‍ය විද්‍යාවෙන
කරන හාස්කම් පවසති - පම්පෝරිය ගසමින

2015-01-12

පිළිම




වසර ගණන් අව් වැසි මැද නොසැලී සිට පිළිම දෙකක්
ගැහැණු පිරිමි රූප දෙකකි අඹලා තිබුණේ
දෙවියන් මේ යුගල කෙරේ පතල මහා කරුණාවෙන්
අඩ හොරාවක කාලය පණ නල පිම්බා

2015-01-08

The Judgement Day



කතිර කතිර ගහනාහැටි පෙන්නනවා
ලකුණු මාරුකරලා තව අන්දනවා
මොකුත් නොදන්නා... කමටම ඇන්දෙනවා  හා  හෝ
ඉගෙන ගන්න අද ඉස්කෝලෙට යනවා

2015-01-06

අන්න මොල



උසස්වීම් නොලැබෙන තැන - කාර්යාල සේවකයෙක්
මොලේ වර්ධනය කරනා - තැනකටයි ගියේ

2015-01-05

ලොතරැයිය





ක්ලබ් එකකින් වසරක් පාසා - ලොතරැයියක දිනුමක් ඇද්දේ
ඒක දිනන්නට හැම අවුරුද්දෙම - පොරක් ට්‍රයිකරන්නේ

කවදාවත් නෑ එය ඇදුනේ - මේකට ගුරුකම් සොයමින්නේ
දේව බැල්මකින් සාස්ත්‍ර කියනා - තැනකට ගොඩවැදුනේ

2015-01-03

වැස්ලින්



කොලු ගැටයෙක් තමන් ගත්ත - වටින අලුත් යතුරු පැදියෙ
මුලින් නොදුටු දොසක් දැකල - ගරාජෙට ගියා

ඉන්ධන ටැංකියෙ පැත්තක - තිබෙනා පොඩි සිදුරකි එය
වැස්ස වෙලාවට වතුරත් - ඇතුලට ඉනුවා

අද හදිසියෙ වගේ අාවෙ - කෙල්ල බලන්නට යන්නයි
අයියේ මට දැනට යමක් - කරලා දෙන්න

2015-01-01

අදයි දවස


වැඩිහිටි පිරිමින් උදෙසා - සම්මන්ත්‍රනයක් පැවතුනි
තුන්සීයක් පමණ දෙනා - ඇවිදින් සිටියේ

පවුල් ජීවිතේ මතුවන - සෞඛ්‍යමය ගැටලු ගැනයි
දේශනවල මාතෘකා - ගොනුවී තිබුණේ

එක් දේශක මහත්තයෙක් - පැමිණි පිරිස අමතාලා
"දිනපතාම එක්වන අය - කවුරුද" ඇසුවා