2014-12-21

නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා

මව්නි නුඹ...
සමූපාකාර පෝලිමේ
කිරි දරුවා රැගෙන සිට
පළමුව බඩු රැගෙන යද්දී
කම් නැත අපට


මව්නි නුඹ...
බැංකුවේ සමෘද්ධිය ගන්නට
කිරිකැටියා අතින් ගෙන
පෝලිමෙන් පිට වෙනම එද්දී
කම් නැත අපට

මව්නි නුඹ...
බසයට නගිද්දී වඩාගත්
දරු පැටියා වෙනුවෙන්
අසුන් ගෙන උහු බිමතැබූ සඳ
කම් නැත අපට

ඒත්...
මව්නි නුඹ...
මඩකලපුවේදී...
උනුනුන් මරාගන්නා
පොලීසිය බැට දෙවනා
මේ මහා යුද බිමට
ප්‍රමුඛතාවය පතා
තම ලේ කැටියා රැගෙන එ්මට නම්
දිය නොහැක...
කිසිදු සමාවක්....

෴ මාධවී ෴

16 comments:

  1. කතාවට ඒකගයි මාධවී....................

    අර කලින් කියපු මොනවා ඉවසුවත් මේකනම් ඉවසන්න බැහැ තමයි. මොකක්ද ඔය සිද්ධිය මාධවී???

    ReplyDelete
    Replies
    1. මට කමක්නෑ කිරි දරුවන් ගෙදර තියලා ඇවිත් ඕනි මගුලක් කලාට. උන් නොදන්නා දේශපාලනේකට බලෙන් ගෙනිහින් වැටිලා අතක් පයක් කැඩුනා. කවුද වග කියන්නෙ. මේවයින් පේන්නෙ දරු සෙනෙහසට වඩා දේවල් මේ මිනිස්සුන්ට තියෙන බව.
      http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=13209:2014-12-21-05-08-04&catid=36:2011-10-17-04-27-38&Itemid=72

      Delete
  2. සහතික ඇත්ත මධු වෝ.

    මේ කොහෙවත් යන මගුල් වලට තමුන්ගේ කිරිසප්පයන් ව අරන් යන්නේ මොන රෙද්දටද මන්ද.

    එක්කෝ උන්ගේ ගොන් කම.

    පොලීසිය ඇවිත් නෙලන කොට වයස බලල, උස බලල නෙලන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. මෙයාලා හොඳටම දන්නවා තත්ත්වය භයානක බව. දරුවව ගෙදර තියලා එන්න බැරිනම් නෑවිත් ඉන්න බැරි ඇයි?

      Delete
  3. ළමය තියල යන්න කෙනෙක් නැත්නම් , මේ යන්නේ නැතිවෙච්ච සැමියා ගැන අහන්න නම් එත් වැරදිද ? ඇත්තටම මොකද වුනේ මෙතන කියලනම් දන්නේ නැහැ .

    ReplyDelete
    Replies
    1. උඩ කුරුටුට දාපු ලින්ක් එක බලන්නකො.
      ඡන්ද අයිතිය ලබාදෙන ලෙස ඉල්ලා විරෝධයක දීය කියනවානේ.

      Delete
  4. ළමයි පාවිච්චි වෙනවා හැමතැනම, ඇත්තෙන්ම හැම පැත්තෙන්ම අපයෝජනය වෙනවා , අපයෝජනය කිව්වම හැමෝටම මතක් වෙන්නේ ලිංගික අපයෝජනයන් ගැන පමණයි, නමුත් හැම තප්පරයකම ළමයි තමන්ගේ දෙමව්පියන් අතින්ම අපයෝජනය වෙනවා දැනුවත්ව හෝ නොදැනුවත්ව

    ReplyDelete
    Replies
    1. දරුවන් ගෙදර දාලා යන්න කියනවා නෙමෙයි. මෙහෙම කිරිදරුවන් ඇයි මේ වගේ (යුතු හෝ අයුතු) ජනරාශියක් මැද්දට ගෙනියන්නෙ? කලබලවුණු මිනිස්සු සහ පොලීසිය මැද්දෙ දරුවෙක් මොනවා කරන්නද?

      Delete
  5. ප්‍රබාකරන් කරපු එකේම අම්පිටියේ සුමනරත්න වර්ශන් එක.. එකඟයි.. පොඩි පොඩි දේවල් වලට ගිනි තියාගෙන මැරෙන ළමයින් එක්ක ගඟේ මුහුදෙ පනින උන් ඉන්න රටක මේව බලාපොරොත්තු වෙන්න වෙනවා.. හැම අතින්ම ගොඩ්ක් දේවල් තියෙනව හැදෙන්න..

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තු වෙන්න වෙනවා. ඒත් දැක්කම දුක හිතුනා. අර මම මුලින් කී දේවලුත් සිහිවුණා.

      Delete
  6. හේතුවක් ඇති.. නැතිව රජ්ජුරුවන්ට වඩා ගන්න ගෙනාපු කේස් එකක් නෙමෙයිනේ...

    ReplyDelete
    Replies
    1. කීයටවත් ඒකටනම් නෙමේ. එ්ත්, මේ වගේ තැනකට මෙහෙම එක්ක එන්න වටිනවද?

      Delete
  7. ඕක මොකද්ද බං, ළමයින්ගෙන් සමහර අම්මලා ගන්න අයුතු ප්‍රයෝජන දැක්කම. අපි ඇවිල්ලා අමුතුම ජාතියක්. ළමයත් විකුණං කන ජාතියක්. අපේ සමහර අම්මලාට(කුසින් දරුවෙකු වැදූ පමණින් අම්මා වෙන අම්මලාට ) තියෙන සමහර ..... අමාරු නිසා තමයි අපිට මේ වගේ දේවල් අහන්න දකින්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේකත් අයුතු ප්‍රයෝජනයක්ම තමා මනෝෂ්.

      Delete