2014-10-31

උංගල් අම්මාවින් එංගේ?


හිතට එන දේ මිසක
පිළිවෙලක් නෑ මෙමට
තාලයක් පමණක්ය
රැඳී අැති පැදි පෙළක

මගේ මිනිසුන් සොයා
කරදරද කම්කටොලු
කිසිදිනක නැත පැමිණ
සම්ප්‍රදායේ පිළිවෙලට

2014-10-29

පුංචි වල් රෝස මල


ලෝකයම එරෙහි වී
සටන් පොලු ගනිද්දී
කැන්දගෙන ආවෙ මං
ඔය ලෙසින් නිදන්නද

එකත් අතකට හරිනෙ
මටත් ඕනිව තිබුණෙ
නිදියන්න නේන්නං
ඔයත් තුරුලට අරං

2014-10-27

ස්වස්ථි සිද්ධම්!!!



ඉඳහිට ගලා එන
සිතිවිලි අකුරු කරමින
නන් තැන්හි රැඳෙමින
කව් රස බෙදූ මැනවින

නිදහස් සිතට එන
කව් පද එකින් එක ගෙන
ගලපාගෙන සොඳින
මියුරු නමකින් අකුරු කරමින